කිරිමැටිය කන්දේ සිට නුගලියද්ද, බූටාවත්ත, දූල්මුරේ, කපුලියද්ද හරහා කිවුල්ළිද ප්‍රදේශයෙන් වික්ටෝරියා ජලාශයට එක්වන බූටාවත්ත ඔය දූල්මුරේ ගම මැදදී මවන මනස්කාන්ත දසුනකි මෙම සිරිතුඩු ඇල්ල. මෙහි උස අඩි 60-80 අතර පවතී.
නැරඹීම සදහා තලාතුඔය-මාරස්සන මාර්ගයෙන් බූටාවත්ත විද්‍යාලය පසුකර හමුවන දූල්මුරේ ගම මැදින් දකුණට හැරී සිරිතුඩුව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය දක්වා යා යුතුය. එම විහාරස්ථානය අසල මෙම ඇල්ල පිහිටා තිබේ. හොදින් වර්ෂා ජලයෙන් බූටාවත්ත ඔය පිරී ඇති කාලයේ දී පමණක් මෙම දසුන දැකගත හැකිය. මහනුවර සිට දුර සැතපුම් අටකි.
No comments:
Post a Comment