උඩ රට සිංහල ගැමියාගේ පැවති අල්පේච්ඡ ජීවණ රටාව පිළිබදව තවත් එක් ගරා වැටෙන නිදර්ශකයකි පනන්වල ගල් ලෙනේ පන්සල. ස්ථානයේ ආරම්භය සහ පැවැත්ම පිළිබද දීර්ඝ කාලීන සාධක නැති වුවද මෙම ස්ථානය ආශ්‍රිතව ඇති සෙල් ලිපියකින් එහි අතීතය වසර එකසිය පනහකට එපිටින් කාලයක් දක්වා විකාශනයවන බව නිහඩව කියා පායි. අදටද සුරැකිව පවත්නා බෝධි ප්‍රාකාරයෙහි ඇති එම සෙල් ලිපිය තුළ ශ්‍රී බුද්ධ වර්ෂ 2458 6 8 පනන්වල ග්‍රාම වාසින් විසින් ගරු සෝමානන්ද නම් ස්වාමීන් වහන්සේ කෙනෙකු වෙනුවෙන් පුජාකරන ලද බවක් කියවෙයි.
සෙල් ලිපිය
චෙත්‍යය
ඇතුල්ගම සහ පනන්වල යන හෙල්මළු කුඹුරු යායක් මැදි කරගත් මනරම් භූමි භාගයක තම අධ්‍යාත්මික සුවතාවය වෙනුවෙන් කුඩා භූමියක් වෙන් කර ගත් අපගේ මෙම පැරැන්නෝ ඒ තුළින් විදි අධ්‍යාත්මික සැනසීම මෙතැනට යොමු වන වර්ථමානිකයකුට වුවද අවබෝධ කර ගැනීම අපහසු නොවේ. ස්වාභාවික ගල් කුට්ටියක් මත ඉදිකර ඇති ඉතා කුඩා චෛත්‍ය අර්ථවත් කරන්නේ බුද්ධ ශාරිරික ධාතූන් හී අපරිමිත වන්දණීයත්වයයි. ස්ථානයේ ඉහළින්ම මෙම චෛත්‍ය පිහිටුවීමට කටයුතු කර ඇති අයුරින් පිළිඹිඹුවන්නේ ඒ වෙනුවෙන් පැවති අපමන භක්තිය නොවේද?
ඊට පහතින් කිසිවකුගේ අවධානයට හසු නොවී විනාශයට පත්වන සංඝාවාසයේ යැ යි සිතිය හැකි ගරා වැටුනු බිත්තිය වුවද භික්ෂු සංඝයා කෙරෙහි ගැමියන් තුළ පැවති සිව්පසය හා බැඳුනු නිරන්තර චර්යාවන්ට දෙස් දෙයි.
ගරා වැටුනු සංඝාවාසයෙහි බිත්ති
මෑත (වසර 25ක පමණ) කාලයේ මෙම ස්ථානය බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක විසින් පරිහරනය කරන ලද බවක්ද ඒ වනවිට ඉතා හොදින් පැවති නමුත් අදවන විට ගරා වැටී ඇති ස්වභාවික ගල් පියස්ස එතුමන් සිය ආවාසය ලෙස පරිහරණය කළ බවක්ද ප්‍රදේශවාසීන් පවසයි.
ගරා වැටුනු ගල් පියස්ස
උඩරට සිංහල ගැමි බොදුනුවන් තුළ පැවති අල්පේච්ඡ ජීවණ රටාවට තවත් එක් ප්‍රබල සාක්ෂියක් වන මෙම පනන්වල ගල් ලෙනේ පන්සල අදවන විට ඇතුල්ගම උතුර ග්‍රාම නිළධාරි වසමට අයත් වෙයි.