Thursday, September 2, 2010

කන්දේවෙල අම්බලම




හෙල්මළු වගාව යන්න  උඩ රට වී ගොවිතැන හැදින්වීම උදෙසා උගතුන් නිර්මාණය කළ පාරිභාෂික වචනයයි. මෙම අම්බලම පිහිටි ඉසව්වේ ගමෙහි නම දෙස විමසිල්ලෙන් බලන්න. කන්ද සහ වෙල සිංහල භාෂාවේ නිෂ්පන්න වචන තුළින් මතු වූ මෙම ග්‍රාම නාමය කෙතරම් මට සිළිටිදැයි විනිශ්චය කරන්න. වචනයේ අර්ථයෙන්ම කදු යායක පිහිටි වෙල්යාය නිසා මෙම ගමට පැරැන්නන් වැහැරූ ග්‍රාම නාමය අර්ථවත් එකක් බව මෙම පෙදෙස දකින කවරකු වුව සාක්ෂි දරනු ඇත.



කන්දේවෙල අම්බලමේ කැටයම්

කන්දේවෙල ගමෙහි පිහිටි මෙම පැරණි ලී අම්බලම බොහෝ නෙත්වලින් වසන්ව පවතින ස්ථානයකි. එය නැරඹීම සදහා මාරස්සන පාරේ අප්පල්ලාගොඩ ගල් අම්බලම අසලින් කන්දේවෙල පාරේ කිලෝ මීටර 1.5 ක පමණ දුරක් ගොස් කන්දේවෙල විදුහල අසල ඇති පැරණි විහාරස්ථානය අසලට යා යුතුය.එම ස්ථානයේ වම් පසින් ඇති කඩය අසළින් පහතට බැස කුඹුරු යාය ඉහළින් කෘෂි ඇළ මතින් තවත් මීටර් 500 ක් පමණ දුරක් යා යුතු වෙයි. මෙම අම්බලම ඉතාමත් ජරාවාසව පැවති අතර 2005 ආසන්න කාලයේ පුරා විද්‍යා තහවුරු කිරීමට ලක්ව ඇත. පැරණි උළු ඉවත් කර අළුත් උළු යෙදීම සහ දිරා ගිය දැව  වෙනුවට නව දැව යෙදීමද සිදුකර ඇත.

6 comments:

  1. වැඩේ නියමයි යාලු... තව කොච්චරනම් ලස්සන තැන් තියෙනවද නේද තලාතුඔය පැත්තේ... දිගටම ලියන්න... කමෙන්ට් නොදැම්මත් කියවන්ට එනවා...

    ReplyDelete
  2. මේක නිරිමාණය කලේ මොන වකවානුවෙ වගේද කියලා විස්තර හොයාගන්න බැරිද?

    ReplyDelete
  3. හිතවත් charmi ඒ ගැන වෙනම ලිපියක් පළ කරන්නම්. විස්තර සහිතවම.
    මම විකී

    ReplyDelete
  4. පුතා, දිගටම එන්න. තව ගොඩක් තොරතුරු තියෙනවා.

    ReplyDelete
  5. උඩරට ප්‍රදේශයේ ලී කැටයම් කියපුවාම අපිට මතක් වෙන්නේ ඇම්බැක්කේ නේ. ඇම්බැක්කෙ ලී කැටයම්වලට ටිකක් හෝ සමීප බවයි පේන්නේ. ඒක එහෙමද ?

    ReplyDelete
  6. මෙම අම්බලම්වල ඇතුළු කුළුණුවල කැටයම් මල්කම්වලින් තමයි අලංකාර කරලා තිබෙන්නේ. ඇම්බැක්කේ කැටයම් වගේම ශිල්පීය ලක්ෂණ තියෙනවා. ඊළගට අම්බලම් යටතේ මාරස්සන අම්බලමේ එවැනි කැටයම්වල පින්තූර දාන්නම් Hasitha බලන්න.

    ReplyDelete