Friday, September 3, 2010

සිරි තුඩු ඇල්ල (දූල්මුරේ)

    
කිරිමැටිය කන්දේ සිට නුගලියද්ද, බූටාවත්ත, දූල්මු‍රේ, කපුලියද්ද හරහා කිවුල්ළිද ප්‍රදේශයෙන් වික්ටෝරියා ජලාශයට එක්වන බූටාවත්ත ඔය දූල්මුරේ ගම මැදදී මවන මනස්කාන්ත දසුනකි මෙම සිරිතුඩු ඇල්ල. මෙහි උස අඩි 60-80 අතර පවතී.


නැරඹීම සදහා තලාතුඔය-මාරස්සන මාර්ගයෙන් බූටාවත්ත විද්‍යාලය පසුකර හමුවන දූල්මුරේ ගම මැදින් දකුණට හැරී සිරිතුඩුව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය දක්වා යා යුතුය. එම විහාරස්ථානය අසල මෙම ඇල්ල පිහිටා තිබේ. හොදින් වර්ෂා ජලයෙන් බූටාවත්ත ඔය පිරී ඇති කාලයේ දී පමණක් මෙම දසුන දැකගත හැකිය. මහනුවර සිට දුර සැතපුම් අටකි.



Thursday, September 2, 2010

කන්දේවෙල අම්බලම




හෙල්මළු වගාව යන්න  උඩ රට වී ගොවිතැන හැදින්වීම උදෙසා උගතුන් නිර්මාණය කළ පාරිභාෂික වචනයයි. මෙම අම්බලම පිහිටි ඉසව්වේ ගමෙහි නම දෙස විමසිල්ලෙන් බලන්න. කන්ද සහ වෙල සිංහල භාෂාවේ නිෂ්පන්න වචන තුළින් මතු වූ මෙම ග්‍රාම නාමය කෙතරම් මට සිළිටිදැයි විනිශ්චය කරන්න. වචනයේ අර්ථයෙන්ම කදු යායක පිහිටි වෙල්යාය නිසා මෙම ගමට පැරැන්නන් වැහැරූ ග්‍රාම නාමය අර්ථවත් එකක් බව මෙම පෙදෙස දකින කවරකු වුව සාක්ෂි දරනු ඇත.



කන්දේවෙල අම්බලමේ කැටයම්

කන්දේවෙල ගමෙහි පිහිටි මෙම පැරණි ලී අම්බලම බොහෝ නෙත්වලින් වසන්ව පවතින ස්ථානයකි. එය නැරඹීම සදහා මාරස්සන පාරේ අප්පල්ලාගොඩ ගල් අම්බලම අසලින් කන්දේවෙල පාරේ කිලෝ මීටර 1.5 ක පමණ දුරක් ගොස් කන්දේවෙල විදුහල අසල ඇති පැරණි විහාරස්ථානය අසලට යා යුතුය.එම ස්ථානයේ වම් පසින් ඇති කඩය අසළින් පහතට බැස කුඹුරු යාය ඉහළින් කෘෂි ඇළ මතින් තවත් මීටර් 500 ක් පමණ දුරක් යා යුතු වෙයි. මෙම අම්බලම ඉතාමත් ජරාවාසව පැවති අතර 2005 ආසන්න කාලයේ පුරා විද්‍යා තහවුරු කිරීමට ලක්ව ඇත. පැරණි උළු ඉවත් කර අළුත් උළු යෙදීම සහ දිරා ගිය දැව  වෙනුවට නව දැව යෙදීමද සිදුකර ඇත.